ටික කලක් නිහඩවූ සගරාව යලිත් ජනතාව අතරට පත්කිරිමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ගත් පියවර අනුව Justice නමැති මෙම සගරාව දැන් නිකුත් වී තිබේ. ඔක්තෝබර් මස කලාපයේ තේමාව වී ඇත්තේ මරණීය දඩුවම පවත්වාගෙන යනවාද නැතහොත් අහෝසි කරනවාද යන්නයි.
Justice සගරාවට පණිවුඩයක් සපයන අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මෙසේ සදහන් කර ඇත.
“අවුරුදු ගණනාවකට පසු Justice සගරාව යලි නිකුත් කිරීම ගැන මම සතුටුවෙමි. එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ මහතා එවකට තිබූ අඩුපාඩුවක් පිරිමසමින් සිය කර්තෘත්වය යටතේ මෙම සගරාව නිකුත් කරන ලදී.
සගරාවේ මූලික අරමුණ වූයේ එදිනෙදා පැන නගින ප්‍රශ්න පිළිබද නීතිවේදීන් දැනුවත් කිරීමය.
නැවත ආරම්භ කර තිබෙන සගරාවේ අරමුණ වන්නේද නීතිවේදීන් සහ සාමාන්‍ය ජනතාව අධිකරණ කටයුතු පිළිබද දැනුවත් කිරීමයි. එමෙන්ම රට ඉදිරියේ ඇති නෛතික සහ ප්‍රතිපත්ති පිළිබද යහපත් සාකච්ඡා පැවැත්වීමට හැකි සාකච්ඡා මණ්ඩපයක් ලබාදීමද මෙහි අරමුණකි.”
මේ Justice සගරාවේ ඔක්තෝබර් කලාපයෙහි එන ලිපි දෙකකි.


