Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: Justice සගරාව Justice සගරාව මරණීය දණ්ඩනය අවශ්යරද? නැද්ද?

මරණීය දණ්ඩනය අවශ්යරද? නැද්ද?

අශක්නුකරණය : (Incapacitation), විපාක පලදීම : (Retribution), නිවර්තනය : (Deterrence), හා පුනරුත්ථාපනය : (Rehabilitation) යනුවෙන් දණ්ඩන ක්ෂේතර හ යේ වර්ග කිරීමක් දැකිය හැකියි. ඉන් නූතන සමාජයට වඩා පිළිගැනෙන, ගැලපෙන එක් කමයක් හැටියට සැලකෙන්නේ පුනරුත්ථාපනයයි. බෞද්ධ සංකල්පය නම් ආයති සංවරයෙහි පිහිටුවීමයි. සැවොම තම පණට ආදරය කරති. තම පණ කිසිවකු නැති කරතැයි බියෙන් පසුවෙති. හැමදෙන දඬුවමට බියවෙති. හැම දෙන දිවි පෙවෙතට පරිනය යකරති. ධම්මපදයේ දැක්වෙන්නේ එසේය. සෑම ආගම් ධර්ම චින්තාවකම එබඳු අදහස් පිළිබිඹු වේ. බුදුදහම කිසිසේත් පළිගැනීම, වෛරය, ද්වේශය වැනි අගතියට ගොස් කරන දඬුවම් නොපිළිගනී. මිනිසා තමන් ද උපමාකොට වැරදි සකස් කරගනිමින් ගෙවන ජීවිතය වඩාත් අගය වේ. මරණීය දණ්ඩනය පැනවීම අපරාධ අඩුකිරීමට පරකො බලම හේතුව ලෙස නූතන විද්යාඥයෝ නොපිළිගනිති. වැරදි නොකළවුන්ද පෝරකයට ගොස් ඇත. අපට එදා මෙදා තුර වැරදීම් රැුසක් සිදුවී තිබේ. මානව ශිෂ්ඨාචාරයට එබඳු වැරදීම් අතපසුවීම් බොහෝවිට සිදුවේ. එසේ නැතිනම් සිතාමතා සිදුකෙරේ. බිය ගැන්වීමෙන්, දඬුවම්කිරීමෙන්, තහංචි පැනවීමෙන් සියල්ලම විසඳා ගත හැකියයි සැම දෙයක්ම වසා තැබිය හැකියැයි සිතනු ලබන ආකල්පය නූතන ලෝකයේ තාක්ෂණික විද්‍යාත්මක ජනමාධ්යස විපරිණාමය ඉදිරියේ වඩාත් අභියෝගයට ලක්ව ඇත්තකි. සංස්කෘතික මිනිසා, ශිෂ්ඨාචාරික මිනිසා, ශීලාචාර මිනිසා යනුවෙන් පද යොදමින් දෙපා සතා වන මිනිස් සත්ත්වයා අපි සමාජානුයෝජනය කරමින් සිටිමු. එහිදී ම්ලේච්ඡු, හිංසා පීඩාකාරී, තිරිසන් කරිා  යා පිළිවෙත්හි නිරතවීම උදාර මනුෂ්ය ත්වයට නිගා දෙන්නකි. සියළුම මනුෂ්ය යෝ සාපේක්ෂව සිතින්, කයින්, වචනයෙන් අපුමාණ වැරදි නොකරත්ද? එහිදී වඩාත් වැදගත්වන්නේ සාමජහානිය බව සැබෑය. මිනීමරුවකු අප විනාශ කරන්නේ කුමන අදහසින්ද යන්න මෙහිදී වැදගත්ය. පලිගැනීම සඳහා බිය නිසා ද්වේශය කරනකොට මිනීමරුවකු පවා විනාශයට පත් නොකරන්නේ නම් මනුෂ්යමත්වයේ උදාරත්වය එහිදී පිළිබිඹුවෙයි. අප යමෙකු විනාශ කරන්නේ සිටින අයගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ද? මිනීමැරුමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුල්වලට වන්දිගෙවන්නට ඝාතකයාව ඝාතනය කල යුතුද? අතැම් රටවල මේ ගැන විකල්ප කරිේ  යාමාර්ග ගෙන තිබේ.

නීතිය සකසා ඇත්තේ කවුරුන්ද? කුමක් සඳහාද? හැමවිටම කුඩා බලැති කණ්ඩායමකගේ අවශ්ය තාවට නොවේදැයි සී. රයිට් මිල්ස් වැනි උගතුන් පර කුශ්න කර ඇත. එවැනි බලධාරිත්වයක් ඇති කුඩා කණ්ඩායම් පොදු මහජනතාව තලා පෙලා බලයේ ආධිපත්යටයේ රැුඳී සිටිමින් පොදු දේපල අයුතු සහගත ලෙස පරිභෝජනය කරන්නේ නම් එම කරා බමය නීතියේ කවර සාධාරණත්වයක් ද? බුදුගුණලංකාරයේ දැක්වෙන පරිදි අප මුතුන්මිත්තන් පිළිගන්නේ වරදේ පරනීතමාණයට දඬුවම් නියම කිරීමයි.මල සිඳෙන තරමට - දවන රන් සේ ගිනිකොටකළ වරද පමණට - දෙවනි සන්තාප රජු දන හටයනුවෙන් පවසන්නේ එම අදහසයි. ඇත්ත වශයෙන් අත් පා සිඳදැමීම හා මරණයට පත්කිරිම හත්ථ පාදච්ෙඡ්දන ඝාතන කරිඅ  යාත්මක නොවීය.

මේවා භාවිතයට පැමිණියේ පසුකාලීනවය. ඔබගේ වටිනා දරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ලෙස ඔබ ඔවුන් වැදගත් පුද්ගලයින් බවට හරවා ගන්නා අදහසින් කරුණාවෙන් දඬුවම් කළ යුතුයැයි නාගර්ජුනවාදයේ පවසති.

සමාජ විද්යාඬ හා මානව විද්යා් ආචාර්ය, ජ්යෙ ෂ්ඨ කථිකාචාර්ය පරයා්නීත් අභේසුන්දර