Thursday, 28 March 2024

තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි මස 13,14,15,16 සහ 17 දිනවල

Posted On Tuesday, 30 June 2020 17:31

තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජූලි මස 13,14,15,16 සහ 17 යන දිනයන් ලබා දී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදී ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය .

 

ඒ මහතා මේ බව පැවසුවේ අද(30) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි. පොලිස් සහ ආරක්ෂක අංශයේ නිලධාරින් සඳහා 16 සහ 17 දිනයන් ලබා දී තිබේ.

Read 490 times