Wednesday, 24 April 2024
ලක්කෙළිබිම

ලක්කෙළිබිම

උදා වූ 2017 නව වසරේදී මළල කී‍්‍රඩාව වෙනුවෙන් දේශීයව සහ ජාත්‍යන්තරව පැවැත්වෙන තරගාවලි පිළිබඳ කාලසටහනක් ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය විසින් එළිදක්වා තිබෙනවා.

තරග පැවැත්වෙන නියමිත කාලසටහනක් සකස් කර නොතිබීම නිසා මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ පුහුණුකරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි ඉකුත් වසරේදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ බව සැලකිල්ලට ගෙන උදා වූ මෙම නව වසරේ තරග කාලසටහන කල් ඇතිව එළිදැක්වූ බව ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය කියා සිටියා.

මෙම වසරේදී මලල කී‍්‍රඩකයන් සඳහා වන පළමු තරගාවලිය වන්නේ ජාතික රට හරහා දිවීමේ තරගාවලියයි. ලබන 07 වැනිදා නුවරඑළියෙන් එය ආරම්භ වනවා.

ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර තරගාවලිය අපේ‍්‍රල් 24, 27 සහ 30 යන දිනවලදී චීනයේ සහ චීන තායිපේ හිදි පැවැත්වීමට නියමිතයි.

ආසියානු යොවුන් මළල කී‍්‍රඩා තරගාවලිය මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙනවා.

ආසියානු මළල කී‍්‍රඩා තරගාවලිය ජූනි පළමුවැනිදා සිට 04 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.

ජාතික මහා කී‍්‍රඩා උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදා සිට 18 වැනිදා දක්වා රත්නපුරයේදීයි.

ජාතික යොවුන් කී‍්‍රඩා උළෙළ සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා වෙන්පප්පුවේදී පැවැත්වෙනවා.

Posted On Sunday, 01 January 2017 06:57

බුලත්සිංහලදී පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී කාන්තා පාපැදි නිමාවේදී අණතුරට ලක්වී තුවාල ලැබූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩිකා ලසන්ති ගුණතිලකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් (අද) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා නවීනතම රේසින් වර්ගයේ පා පැදියක් පිරිනමා තිබේ.

Posted On Sunday, 01 January 2017 04:26

සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය උපුල් තරංගට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Posted On Friday, 30 December 2016 08:45

ශ්‍රී ලංකා සිහින බොඳ කළ ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගනී

ඉන්දීය යොවුන් කණ්ඩයම අඛණ්ඩයව තෙවෙනි වරටත්, ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට සමත් විය.

Posted On Friday, 30 December 2016 08:36

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7 (Video)

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.

සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5

Posted On Thursday, 29 December 2016 14:46

සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ‍.

Posted On Thursday, 29 December 2016 14:37

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.

Posted On Tuesday, 27 December 2016 08:10
Page 4 of 4