Tuesday, 23 April 2024
නව පුවත්

2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත් ෙව්.

Posted On Thursday, 19 September 2019 10:10

තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව, රත්නපුර (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප), නුවරඑළිය (අඹගමුව කොරළේ), කෑගල්ල (වරකාපොළ, දෙහිඕවිට කලාප) සහ කළුතර (මතුගම, බුලත්සිංහල කලාප) යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රදේශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

Posted On Wednesday, 18 September 2019 08:28

සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමී ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් 2019 සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝම්බර් 15 වැනි දින දක්වා කාලය "තොරතුරු මාසය" ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

Posted On Wednesday, 18 September 2019 08:26

පවතින අයහපත් කාලගුණික තත්වයන් නිසා ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් වර්ධනය වීම සලකුණු කරමින් ඩෙංගු රෝගීන් හතලිස් හයදහස් අටසිය අනූහය දෙනෙකු මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ (17) දිනය දක්වා වූ කාලය තුළ සොයාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරයි.

Posted On Wednesday, 18 September 2019 08:21

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

Posted On Monday, 16 September 2019 08:39