Thursday, 18 April 2024
නව පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය විවෘත කිරීම හා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කිරීම ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 06 වැනි දින (හෙට) සිදුකෙරේ.

Posted On Thursday, 05 September 2019 09:58

උතුරු දුම්රිය මාර්ගයේ නව ශිඝ්‍රගාමි දුම්රිය දෙකක් අද(05) සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Posted On Thursday, 05 September 2019 09:56

වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙළදුන් 28 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා අංශය මගින් කටයුතු යොදා තිබේ. ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන්ගෙන් සිව් දෙනෙකුට වරෙන්තු නිකුත් කොට ඉතිරි පිරිසට දඩ නියම කරන ලදී.

Posted On Thursday, 05 September 2019 09:48

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කළේ ය.

Posted On Wednesday, 04 September 2019 09:51

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

Posted On Wednesday, 04 September 2019 09:43