Thursday, 25 April 2024
Editor

Editor

කලා ඔය ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාව තාවකාලිකව ඉවත්වන්න - මාර්ග අවහිරත්වයන්හි දී විකල්ප මාර්ග භාවිත කරන්න - නායයෑම් නිවේදන පිලිබඳ සැලකිලිමත් වන්න

දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙයි.

නව කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාපෘතිය හේතුවෙන් නව රථවාහන සැලැස්මක්

 

 Document page 001 1

 
 

තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබාගැනීමේ අයිතිවාසිකම් පුළුල් කෙරෙන සුදුසු සංශෝදනයක්, ජනාධිපතිවරණය හා අනෙකුත් ඡන්ද සදහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙස අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙ.

තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමට රජය ගත් එඩිතර තීරණය නිසා පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන ඉදිරියේ දී ඉතා අඩුමිලකට ලබා දිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ,ජයවර්ධන මහතා කියා සිටී.

රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව ජනාධිපතිතුමා පවසයි.

විවේචන අපේක්ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බව පැවසූ ජනාධිපතිතුමා මාධ්‍ය ද සෑමවිටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ මාධ්‍යවේදීන් සමඟ ඊයේ (16) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

වත්මන් රජය රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනතාව අතරට ආණ්ඩුවේ පණිවිඩ පමණක් රැගෙන යාම මඟින් රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වික වන අතර සමබර වාර්තාකරණය රාජ්‍ය මාධ්‍යයේ වගකීම යැයි ද එතුමා පැහැදිළි කළේය.

කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබදව අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ජනතාවාදී එකක් බවට කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි. ඒ වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර ඇති කරුණු සහ රජයේ අරමුණු අධ්‍යයනය කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලන බව ද ජනාධිපතිතුමා පැවසීය.

යහපත් රාජ්‍ය සේවයක් බිහිකිරීමට නම් ඒ පිළිබදව ජනතාව තුළ ඇති අසුබවාදී ආකල්ප ඉවත් කර සුබවාදී ආකල්පයක් ඇති කිරිමට මාධ්‍යයට කළ හැකි බලපැම ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

වත්මන් රජය ජනතාවට දුන් බදු සහන ගැන සඳහන් කළ ජනාධිපතිතුමා රජය බලයට පත්ව ඉතා කෙටි කළත් ඇතුළත සහන රැසක් ලබාදුන්න ද එහි වාසිය තවමත් මහජනතාවට ලැබී නොමැති බව කීය. “බදු සහන නිසා බොහෝ සමාගම්වලට විශාල ලාභයක් හිමිව තිබෙනවා. එහෙත් ඒ සහන ජනතාව අතට පත්වී නැහැ. රජය දුන් සහන යටතේ යකඩ ඇණයේ පවා මිල අඩුවිය යුතුයි” ජනාධිපතිතුමා පැවසිය.

බදු සහන ප්‍රතිලාභ ජනතාවට ලබා නොදෙන මහා පරිමාණ සමාගම් සහ සුළු පරිමාණ ව්‍යපාරිකයන් පිළිබඳ තොරතුරු රටට හෙළිකරන්නැයි ද ජනාධිපතිතුමා මාධ්‍ය වේදින්ගෙන් ඉල්ලීමක් කළේය.

එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා පැවසීය. “හැම පැතිකඩම නිවැරදිව හඳුනාගැනීම එහි අරමුණයි” ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ සිද්ධිය ගැන මතු කළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය කළ මැදිහත්වීම වරදක් ලෙස තමා නොදකින බවයි. තම කාර්ය මණ්ඩල නිලධාරිනියකට හිරිහැර විනැයි වාර්තා වූ විට එය සොයා බැලීම තානාපති කාර්යාලයේ වගකීමක් යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“මේ චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැහැ. මෙතෙක් කළ පරික්ෂන අනුව ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂිවලින් ඒ බව සනාථ වුණා. චෝදනාව මතුවීමත් සමග විදේශ මාධ්‍ය පළ කල ප්‍රවෘත්තිවලින් පැහැදිළි වනුයේ එම සිදුවීම පිටුපස කුමන්ත්‍රණයක් තිබු බව” යැයි ජනාධිපතිතුමා පැවසීය.

“අසත්‍ය චෝදනා නැගීම, කිසිවක් සොයා නොබලා සාවද්‍ය ප්‍රකාශ කිරීම වත්මන් දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක්. ජනතාව මේ හානිකර චර්යාව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මම ද උත්සාහ කරන්නේ බොරුව මත පදනම් වන සංස්කෘතිය අවසන් කරන්න” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

ඉදිරි මැතිවරණ පිළිබදව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය මේ මාර්තු මාසයේ දී පැවැත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය ද පැවැත්වීමට අපේක්ෂා කරන බව කීය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් ස්ථාවර රජයක් ගොඩනැංවීමට ජනාධිපතිවරයා ලෙස කැපවීමෙන් කටයුතු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද ජනාධිපතිතුමාගෙන් විමසනු ලැබීය. එවැනි සංශෝධනයක් සමග රජයක් ගෙන යාමේ අසීරුව පසුගිය කාලය තුළ මනාව තහවුරු වු බව පැවසු ජනාධිපතිතුමා දේශපාලනයේ පරිනත නායකයන් විසින් එවන් සංශෝධනයක් කිරීම පිළිබද තමා පුදුමයට පත් වූ බව ද කියා සිටියේය.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය විම හේතුවෙන් ජනතාවට සාධාරණය ඉටු කිරීම ප්‍රමාද වී තිබෙන බව එතුමා කීය. උතුරේ ඇතැම් දේශපාලන කණ්ඩායම් සිය දේශපාලන ශක්තිය ගොඩනගා ගැනීමට මේ ප්‍රශ්නය භාවිතා කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“රටේ ජාතික සමඟිය ආරක්ෂා වන්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වූ තරමටය. රටේ ආරක්ෂාව ප්‍රමුඛ වන අතර ඊට අවශ්‍ය පරිසරය ස්ථීර වශයෙන්ම ගොඩනඟනවා” ජනාධිපතිතුමා පැවසීය. හමුදාපතිවරුන් හා බුද්ධි අංශ ප්‍රධානීන් පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති අතර, රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබෙන බව ද කියා සිටියේය.

පැවති සෑම රජයක්ම දේශපාලන වාසි උදෙසා බලය බෙදීම පිළිබදව කතා කළේය. සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විතව ජිවත්වීමට අවශ්‍ය නම් ජීවත්වීමට රැකියාවක්, දරුවන්ට අධ්‍යාපනයක් මෙන්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඔවුනට ලැබිය යුතුය. එබැවින් ජනතාවට අවශ්‍ය වන්නේ බලය බෙදීමට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හම්බන්තොට වරාය පිළිබද නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා පැවසුවේ තමා දකින්නේ එහි ව්‍යාපාරික පැතිකඩ නොව, ජාතික ආරක්ෂාව පිළිබඳ බවයි. සියලු වරායන් ලංකා රජය යටතේ පැවතිය යුතුය යන්න තම මතය බව ජනාධිපතිතුමා කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ආහෝසි කිරීම නිසා නිවරුදි තොරතුරු තහවුරු කර ගැනීමේදී මාධ්‍යවේදින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලුව කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කර ගනිමින් තම මතය නොව අදාළ විෂය පිළිබඳ සෘජුව ප්‍රකාශ කළ හැකි මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයක් ස්ථාපනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

දෙසැම්බර් මස 17 දින සිට දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2019 වර්ෂ අවසාන උත්සව සමය නිමිති කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍රලත් මත්පැන් විකිණීමේ ස්ථාන හා මත්පැන් සැපයීමේ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු පමණ යොදවා දැවැන්ත මෙහෙයුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.