Thursday, 28 March 2024

ලෝක වැඩිහිටි දිනය අදයි

Posted On Monday, 01 October 2018 05:36

ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ.


මෙම දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් උත්සව හා විවිධ ක්‍රියාකාරී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “Moving from Awareness to Action through a Human Rights based approach” යන්නයි.

ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතී. වර්ෂ 1964 දී සියයට 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි අයගේ ප්‍රතිශතය 2001 දී 9.2%ටත් 2012 දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 2.5ක් පමණ ඇත.වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇත.ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යෑම නිසා බෝ නොවන රෝගවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.