Thursday, 28 March 2024

වැසි තත්ත්වය තවදුරටත්

Posted On Monday, 08 October 2018 04:23

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (09) දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

නැගෙනහිර, දකුණ, මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තදවැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.