Thursday, 28 March 2024

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Friday, 28 December 2018 09:24

දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. කෙසේවෙතත්, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.