Thursday, 18 April 2024

නීල හරිත ආර්ථිකය යටතේ කාබන් බද්ද ලෙස ඉතා සුළු බද්දක් අය කරනුයේ පාරිසරික අවදානම අඩු කිරීමටයි

Posted On Friday, 11 January 2019 06:54

මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2018 අයවැය මගින් යෝජිත පරිදි වාහන හිමිකරුවන්ගෙන් මෙම කාබන් බද්ද ලෙස ඉතා සුළු මුදලක් අය කරනු ලබන අතර පරිසර හිතකාමී තත්ත්වය දිරි ගැන්වීම සඳහා ඉලෙක්ට්‍රොනික වාහනවලින් මෙම බද්ද අය නොකිරීමට ද රජය තීරණය කර ඇත.

ඉලෙක්ට්‍රොනික වාහනවලින් හැර අන් සියලු වාහනවල එන්ජින් ධාරිතාව මත අය කරනු ලබන මෙම කාබන් බද්ද වාහනය ලියාපදිංචි කරන මුල් වසරේ දී අය කරනු නොලැබේ. 2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක මෙම බද්ද වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ දී අය කරනු ලැබේ.

canem