Thursday, 28 March 2024

“ඖෂධ මිලදී ගත්පසු ෆාමසිවලින් පාරිභෝගිකයින්ට බිල්පත් නිකුත් කිරීම අනිවාර්යයි”- සෞඛ්‍ය අමාත්‍ය

Posted On Friday, 03 May 2019 06:02

පාරිභෝගික ජනතාව ඖෂධ මිල දී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පාරිභෝගික පිළිබද අධිකාරි පනතේ ඊට අදාල නීති රීති ගැසට් කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව පනතටද ඊට අදාල නීති රීති ඇතුලත් කර ඇත.

දිවයින පුරා ඇතැම් ෆාමසි ඖෂධ මිල දී ගැනීමෙන් පසු බිල් පතක් නිකුත් නොකරන බවට පාරිභෝගික ජනතාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලිකර තිබේ. එම පැමිණිලි පිළිබදව අවධානය යොමුකල සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනපුරා සියළුම ෆාමසි පරික්ෂාවට ලක්කර බිල්පත් නිකුත් කිරීමට උපදෙස් ලබා දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම්දී ඇත. ෆාමසි පරීක්ෂා කිරීමේ දී ඖෂධවල කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාධිත දිනය හා මිළ සටහන් කර ඇත්දැයි සොයා බලන ලෙසද සෞඛ්‍ය ආමාත්‍යවරයා දැනුම් දී තිබේ.