Friday, 29 March 2024

නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Thursday, 23 May 2019 09:22

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු පළාත් වල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.