Saturday, 20 April 2024

පොසොන් උත්සවය තිස්සමහාරාම රජමහා විහාරය හා සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් මෙවරත්

Posted On Monday, 27 May 2019 05:10

2019පොසොන් උත්සවය මෙවර ද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරය හා ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.



තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්ම සේන නාහිමියන්ගේ සහ සිතුල්පව්ව රජමහා විහාරයෙහි විහාරාධිපති පූජ්‍යපාද මැටරඔ හේවාරතන නාහිමියන් වහන්සේලාගේ අවවාද හා මගපෙන්වීම යටතේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදී ජුනි මස 10 සිට 16 දක්වා ඉහත විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාතික පිංකම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි හා දිස්ත්‍රික් ලේකම් එච්.කේ. බන්දුල හර්ස්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා එකී විහාරස්ථාන දෙකෙහි දායකසභාව හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල නිලධාරින් පැමිණ සිටියහ.


මෙහිදී ධම්මසේන නාහිමියන් ප්‍රකාශකර සිටියේ රජයෙන් ලැබෙන උපදෙස් හා මගපෙන්වීම් යටතේ ආරක්ෂක අංශ ලබා දෙන ආරක්ෂක සැලැස්මට අනුව මෙවර පොසොන් උත්සවය පවත්වන බවත්, මෙම පොසොන් උත්සවය නැරබීම සඳහා දෙස් විදෙස් බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන අතර එම පිරිසේ ඉල්ලීම වන්නේ ද මෙවරත් මෙම උත්සවය ඉතා හොදින් පවත්වන ලෙසය.


ඒ සඳහා ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක අංශ මැදිහත්ව ඒ අවශ්‍ය කටයුතු යොදා දීමට ඉදිරිපත්ව ඇති බැවින් වාර්ෂික නොකඩවා පවත්වා ගෙන පැමිණි මෙම ජාතිකපොසොන් උත්සවය පැවැත්වීමට සියළු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අවශ්‍ය සහය ලබා දෙන ලෙසත් පැමිණ මෙම ආගමික කටයුතු වලට සම්බන්ධ වන මෙන්. වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පසුගියදා මෙම පිංකම සදහා කප් සිටුවීමේ කටයුතු පසු ගියදා සිදු කෙරිණි.ජුනි 22,23 දෙවොල් වස් ශාන්ති කර්මය පවත්වා දේවදානය පිරිනැමීමෙනන් මෙම වැඩ සටහන නිමාවට පත් කිරීමට කටයුතු යොදා ඇත.