Friday, 29 March 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමව්පියන්ට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කරයි.

Posted On Friday, 02 August 2019 09:29

5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා(04)  ආරම්භ වන  අතර දිවයින පුරා  මධ්‍යස්ථාන 2995කදී විභාගය පැවැත් වේ. විභාගයට ඉදිරිපත්ව සිටින අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැට නවයකි. විභාග අපේක්ෂකයන්  සහ දෙමව්පියන්  විසින් අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.



පෙරවරු නවය වනවිට අපේක්ෂකයන් ශාලාවේ අසුන් ගතයුතුය. ඒ අනුව විභාග අංකය පැළදිය යුතු වන්නේ ඇදුමේ වම් පස ස්ථානයක ය.
පිළිතුරු සැපයිම සඳහා පැන්සල, කළු හෝ නිල් පෑන් භාවිත කිරිමේ හැකියාව පවති.  සෑම ප්‍රශ්න පත්‍රයකම නිවැරදිව විභාග අංකය ලිවිය යුතුය.

දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට පැමිණිමට අවසර හිමිවන්නේ නැතැයි ද විභාග දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කරයි.

geat5