Saturday, 20 April 2024

අධ්‍යයන පොදුසහතික පත‍්‍ර (උසස් පෙළ විභාගය), 2019 අද සිට ඇරඹේ

Posted On Monday, 05 August 2019 07:19

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ විභාගය), 2019 අද (05) සිට ඇරඹේ.



දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678ක දී අද ආරම්භ වන විභාගය අගෝස්තු මස 31 දක්වා පැවැත්වෙනු ඇත. මෙවර විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් 74789ක් ඉදිරිපත් වී ඇත. සමස්ත අයඳුම්කරුවන් 337,704 විභාගය සඳහා පෙනී සිටියි.