Friday, 19 April 2024

දිවයින පුරා සාමකාමී වාතාවරණයක් - පොලිස් ජංගම සංචාර සහ මාර්ග බාධක රාජකාරි තවදුරටත් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Posted On Monday, 18 November 2019 15:23

නාම යෝජනා ලබා දුන් දිනයේ සිට ජනාධිපතිවරණය පවත් වන ලද ඊයේ (17) දිනය දක්වා කාලය තුළත් ඡන්දය පැවැති කාලයේ දීත් ඉන් පසුවත් කිසිඳු බරපතල සිදුවීමක් වාර්තා වී නොමැති බවත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉතා සාමකාමී වාතාවරණයක් පවතින බව අද (18) පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.



එමෙන්ම, ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම සාමය ආරක්ෂා කිරීමට කටයුතුකිරීමත් ඒ ඒ පොලිස් වසම්වල ජංගම සංචාර සහ මාර්ග බාධක රාජකාරි තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.