Friday, 29 March 2024

ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි

Posted On Tuesday, 19 November 2019 06:59

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.



මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරිණි.

අනතුරුව සිය කාර්යාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළහ. ඉන්පසු සිය අසුන වෙත ගිය නව ජනාධිපතිවරයා පෙරවරු 10.51 ට නව ජනාධිපති ලේකම් වශයෙන් පත්වී සිටින ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් කොට එය ඔහුට බාරදෙීමෙන් රාජකාරී ඇරඹීය.