Thursday, 25 April 2024

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි

Posted On Thursday, 21 November 2019 05:11

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම්දීමට නියමිතය.මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වන තුන්වැනි අවස්ථාව මෙය වේ.



නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අද දිනයේදීම සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය අද දිනයේ හෝ හෙට දිනයේ පත්කිරීමට නියමිතය.