Friday, 29 March 2024

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා දින හතක සහන කාලයක් - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය

Posted On Thursday, 16 January 2020 05:26

පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක වේ.



අනවසර ගිනි අවි ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් මෙම කාලය තුළ දී එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යංශය දන්වා සිටින අතර දිවයින පුරා සාමකාමී නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි තර්ජනයක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් දන්වා සිටි.