Saturday, 20 April 2024

රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Posted On Friday, 17 January 2020 08:08

රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.



දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් අශෝක නඳුන් ගුරුගේ මහතා මේ බව සඳහන් කළේය. එතුමා මෙහිදී පවසා සිටියේ රජය ලබාදුන් බදු සහන මේ වන විට ජනතාවට ලැබී නොමැති බවට පැමිණිලි ලැබී ඇති බවයි. මෙහිදී ජනාධිපතිතුමන් විසින් උපදෙස් දෙනු ලැබූයේ ජනතාවගේ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ඒ අනුව එක් එක් අංශය පිළිබඳව සම්පුර්ණයෙන් සමික්ෂණයක් සිදු කරනු ලැබූ බවත් ඒ සමික්ෂණය අනුව සමහර අංශ මෙම බදු සහනය ලබා නොදෙන බවට වාර්තා වූ බවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අශෝක නඳුන් ගුරුගේ මහතා මේ බව වැඩිදුරටත් පැවසීය.