Saturday, 20 April 2024

පුත්තලමට නිරෝධායන මධ්‍යස්ථානයක් - අටුළුගම, අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි

Posted On Sunday, 29 March 2020 05:46

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.



 අකුරණ ප්‍රදේශයේ ද පුත්තල්ම ප්‍රදේශයේ ද කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබෙන අතර යුද හමුදාව විසින් ඊයේ (28) රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ ජනතාව දින 14ක නිරෝධානය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් සකස් කරමින් සිටින බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ අතර මාධ්‍යවෙත සඳහන් කළේ ය

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මේ වන විට ගම්මාන තුනක් මුද්‍රා තබා තිබෙන අතර බණ්ඩාරගම අටලෝගම, මහනුවර අකුරණ සහ පුත්තලම කඩයම්කුලම යන ප්‍රදේශ මෙලෙස මුද්‍ර තබා තිබේ.

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්