Thursday, 25 April 2024

COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක්- නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කෙරේ

Posted On Monday, 30 March 2020 06:05

COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කෙරේ.



එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලින්, Huawei Technologies Lanka Co (Pvt) Ltd ආයතනයෙන් සහ “ලක්දනව්” සමාගමෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්ද ප්‍රදානය කෙරේ.

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ කාලසීමාව තුල පරිහරණය කිරීම සදහා සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සහිතව රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් සියලු  පහසුකම් සහිත නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක් (29) දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම සිදු කෙරිනි. ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් එහි විධායක සභික රෝයල්  නර්සිං හෝම් ආයතනයේ සභාපති මංජුල හේවාවසම් මහතා විසින් මෙම ගිලන් රථ දෙක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා  වන්නිආරච්ච් මහත්මිය වෙත නිල වශයෙන් බාර දෙන ලදි.

තවද රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ද මේ සමගම සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත අද දින බාර දෙන ලදි‍ෙ

මෙම කටයුත්ත සදහා පූර්ණව මැදිහත් වී අතිගරු ජනාධිපතිතුමා ඇතුලු සියලුම රාජ්‍ය අංශ දැනුවත් කර ඒ සදහා ඉඩ අවසරය ලබාදුන් ආචාර්ය විජයදාස රජපක්ෂ මැතිතුමාට සහ සමස්ථ ශ්‍රී ලංකා
වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් මංජුල හේවාවසම් මහතාට මේ පරිත්‍යාගය කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ස්තූතිය මෙහිදී පිරිනමන ලදි.
එමෙන්ම Huawei Technologies Lanka Co (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරි Liang Yi මහතා විසින් රුපියල් මිලියන 02 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ  තොගයක් (Facemask, Protective Suite, Google Glasses, sanitizer bottle) සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත අද දින බාර දෙන ලදි.

එමෙන්ම පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මගින් රුපියල් මිලියන 18 කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් (Multipara Monitors, Pulse  Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen therapy, ICU Ventilator)  එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Tim Sutton මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා වෙත භාර දෙන  ලදී.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ සමාගමක් වන ‘ලක්දනව් සමාගම’ ශ්‍රී ලංකාව තුළ රෝහල්වල කොරෝනා වෛරස තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා  රුපියල්.මිලියන 16ක වටිනාකමින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලක්දනව් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධම්මික නානායක්කාර මහතා විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි  ජයවර්ධන මහත්මිය වෙත පසුගියදා ප්‍රදානය කළ අතර, මෙම උපකරණ අතර ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත අති නවීනතම ICU වෙන්ටිලේටර් යන්ත්‍ර 03 ක්, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Non- Invasive වෙන්ටිලේටර් (BiPAP) යන්ත්‍ර 02 ක් සහ නවසීලන්තයේ නිෂ්පාදිත High Flow Oxygen Therapy යන්ත්‍ර දෙකක් ද වේ. මෙම සියළු යන්ත්‍රෝපකරණ මාදිළි සහ සන්නාම සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ඒවා වීම ද විශේෂත්වයකි.

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්