Thursday, 25 April 2024

වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවිය, සූදු ක්‍රියාකාරකම් සපුරා තහනම්

Posted On Wednesday, 06 May 2020 17:20

වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවි, සූදු ක්‍රියාකාරකම් පැවැත්වීම, නීති විරෝධී මත්පැන් පෙරීම ආදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සපුරා තහනම් වන බවත්, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරණු ලබන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (04) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) ප්‍රකාශ කළේ ය.



ඒ අනුව මාර්ග වල පොලිස් මාර්ග බාධක 1,200 ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවත්, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ඇතිව නීතිවිරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබේ.

කෙසේ වුව ද, වෙසක් කාලය තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන ලෙසත්, නිවසේ හෝ ඒ වටා පරිශ්‍රය සැරසීම නීතිවිරෝධී කටයුත්තක් නොවන බවත්, එහෙත් එවැනි කටයුතු සඳහා කණ්ඩායමක්/පිරිසක් එක්ව කටයුතු කරන්නේ නම් එය නිරෝධායන රීතීන්ට පටහැනි ක්‍රියාවක් වන බවත්, එලෙස කණ්ඩායම් වශයෙන් කටයුතු නොකරන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවට අවධාරණය කර සිටි.

එමෙන්ම, අද (06) දින රාත්‍රී 8.00 ට මුළු දිවයිනටම පනවන ඇදිරිනිතිය ලබන 11 වන සඳුදා උදැසන 5.00 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දිවයින පුරා දින 04 ක කාලයක් ක්‍රියාත්මක වේ. ඇදිරිනීතිය පවතින කාලය තුළ නිරෝධායන රීතීන්ට අනුකුලව කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිසප්තිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇඳිරිනීතිය පැනවූ දා සිට මේ වන තෙක් අත්අඩංගුවට පත් වූ පිරිස 47,500 කට ආසන්න පිරිසක් සහ වාහන 12,500 කට අසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය පැය 24 ක කාලය තුළ දී පමණක් පුද්ගලයින් 400 ක් පමණ සහ වාහන 87 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි දින 04 ක පැනවෙන අදිරිනිති කාල සිමාව තුළ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඇඳිරිනීති බලපත්‍ර උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සඳහා විශේෂ පොලිස් කණ්ඩායම්, බුද්ධි සේවාවන් යෙදවීමට ද කටයුතු කර ඇතැයි ඒ මහතා සඳහන් කර සිටි. ලබන 11 වන සඳුදා සිට විශේෂ තත්ත්වයන් අදිරිනිතිය පවත්නා කාලය තුළ වුවත් යටතේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට කටයුතු කරන අතර එහි දී ආයතන හිමිකරුවන් මෙන්ම ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව නිර්ණායකයන් ලබා දීමට නියමිතයි.

රියදුරන්ගේ සහ රියදුරු සහායකයින්ගේ වගකීම මෙන්ම කුලී රථ වල වගකීම්, රුපලාවන්‍ය ආයතන වල, සැලුන් මෙන්ම ඒවායේ සේවය කරන අනිකුත් අයගේ වගකීම්, හෝටල්, රෙස්ටුරන්ට් සහ අහාර ලබා දෙන ආයතන වල වගකීම්, යම් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන්නේ නම් ඒවා පවත්වාගෙන යන ආකාරය පිළිබඳව, නිෂ්පාදනයට සම්බන්ධ ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය, සෞඛ්‍ය සේවාවන් සපයන ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය, මෙන්ම මහජනතාව පොදු ස්ථාන වල හැසිරිය යුතු ආකාරය පිළිබඳව යානා දී වශයෙන් වූ නිර්ණායක නීතීන්, රීතින් හා රෙගුලාසි වශයෙන් ලබා දීමට නියමිතව පවතින බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කර සිටි.

එමෙන්ම, ලබාදෙන ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයින්ට නිරෝධායන පනත යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් නිරෝධායන නීතින් යටතේ අත්අඩංගුවට ගෙන කටයුතු කරනු ලබන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටි.
සමාජ දුරස්ථභාවය ඇති කර ගනිමින්, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින්, රෝග ලක්ෂණ ඇත්නම් සැඟවීමකින් තොරව ඉදිරිපත් කිරීම යන සිද්ධාන්ත තුන මුල් කරගනිමින් මෙම නිර්ණායක සකස් කර ඇති අතර ඒ ආකාරයට ජනටහ්ව අනුගත වී කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටී. ඒ අනුව, සඳුදා දින ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.