Thursday, 28 March 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස හා රාත්‍රියේ වැසි

Posted On Friday, 08 May 2020 18:02

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.



සබරගමුව, ඌව, මධ්‍යම,උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ.

බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.