Friday, 19 April 2024

හෙට(12) සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

Posted On Monday, 11 May 2020 16:41

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.



ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.