Thursday, 25 April 2024

ගුරුභවතුන් වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක්

Posted On Wednesday, 20 May 2020 15:33

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.



ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක. එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.05.30 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතුය.