Thursday, 28 March 2024

ජගත් පරිසර දිනය අදයි

Posted On Friday, 05 June 2020 16:28

ජගත් පරිසර දිනය අදට යෙදී තිබේ.



මානව  සංහතියේ තීරණාත්මක කඩ ඉමකට මේ වනවිට පැමිණ තිබෙන බවයි ජගත් පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. මේ වනවිට ගෝලීය වශයෙන් සෑම පරිසර පද්ධතියක් ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බලපෑමට හා විනාශයට ලක්ව ඇති නිසාය.

1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ‘‘ජගත් පරිසර දිනය” ප්‍රකාශයට පත් කළේ ය.

විවිධ වර්ෂවල කාලිනව බලපාන ගෝලීය පරිසර අභියෝග මත ජගත් පරිසර දින තේමාව ප්‍රකාශ වෙයි ඒ අනුව 2020 වර්ෂයේ එහි තේමාව වනුයේ, ‘‘සොබාදහම සඳහා කාලය” යන්නයි. මේ වනවිට ගෝලීය වශයෙන් මානව සංහතියටම මහත් බලපෑමක් එල්ල කර තිබෙන්නේ, කොවිඩ් 19 වසංගතය ජීවිත රැසක් බිළිගනිමින් මුළු සමාජයටම බලපෑමක් කර තිබේ.

රටක ජනතාවට පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා වගකීමක් පැවරෙයි. වත්මන් රජය පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර රුක් රෝපණ  වැඩසටහන් රැසක් මේ වනවිටත් රජයේ මඟපෙන්වීම යටතේ මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.