Thursday, 18 April 2024

කෝවිඩ් අවදානම මැඩලීමට තවදුරටත් සහාය ලබාදෙන්න - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Posted On Saturday, 27 June 2020 17:06

කෝවිඩ් වසංගත අවදානම තවමත් ලෝකයෙන් දුරුවී නොමැති බවත්, සමහර රටවල දෙවන රැල්ලක් මෙන්ම තෙවන රැල්ලක්ද ඇතිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

 

ඒසේම අප හට සාර්ථකව රට තුළ කෝවිඩ් වසංගතය මැඩලීමට හැකියාව ලැබුණු බව සිහිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ අවදානම තවම පහවගොස් නැති බැවින් මෙම තත්ත්වය වළක්වාගැනීම සදහා සෑම කෙනෙකුම දායක විය යුතු බවයි.

ඔහු පවසන පරිදි, සෞඛ්‍ය අංශ සහ අනෙකුත් රාජ්‍ය යාන්ත්‍රණය ඒ් සදහා උපරිම දායකත්වය දක්වා ඇති අතර තවදුරටත් ඒ් පිළිබදව කටයුතු කරමින් සිටියි. කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් දුරුවී අවදානම පහව යන තුරු කොවිඩ් මැඩලීම සදහා සහාය රටේ ජනතාවගෙන් තවදුරටත් බලාපොරොත්තු වෙයි. ඒම සහාය ලබාදිය යුතු ආකාරය පිළිබදව ජනතාවට නැවත නැවත සිහිගන්වන අතරම මාස 3ක් පුරා අඛණ්ඩව පිළිපැදි සෞඛ්‍ය පුරුදු තවදුරටත් ඒළෙසම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒහිදී සබන් යොදා අත් සෝදා ගැනීම මෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදී සියලු කාරණා සිදුකල යුතු වනවා. විශේෂයෙන්ම ඒහිදී මුහුණු ආවරණ පැළදීම පිළිබදවද විශේෂ අවදානයක් දැක්විය යුතු වෙයි. යමෙක් මෙම කරුණු වලට පටහැනිව කටයුතු කළහොත් ඒහිදී ඒය මෙම රටේ නිරෝධායන රීතීන්ට පටහැනිව කටයුතු කිරීමක් ලෙස සලකා නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ලංකාවේ අපරාධ නීතිය යටතේ ඔහු හට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවෙයි. ඒබැවින් සියලුදෙනාම නිරෝදායන රීතීන්ට ගරු කරමින් තවදුරටත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය අදහස් දැක්වීම තුළ අවසන් වශයෙන්ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහිද සදහන් වන නිරෝධායන රීතීන් සහ කෝවිඩ් වසංගතය මැඩලීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබද උපදෙස් වලට අනුකූලව තවදුරටත් කටයුතු කරමින් වසංගතය තුරන් කිරීමට සහාය ලබාදෙන බවයි.