Thursday, 25 April 2024

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් හෙට සිට විවෘත වේ

Posted On Sunday, 28 June 2020 16:59

 කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. මේ අනුව හෙට (29) සිට මුල් අදියර යටතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ඇති.

 


දෙවන අදියර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි මස 06 වනදා ආරම්භ කිරීමට නියමිතයි.


එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතව තිබේ.