Friday, 29 March 2024

රටට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවධානය

Posted On Monday, 29 June 2020 06:49

රටට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වේ.

 

ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බොහෝමයක් මේ වන විට විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා පසුගිය 2019 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 2319 ක් (CIF values) වැය කර ඇත.

මෙම ආනයනික ක්‍රීඩා භාණ්ඩ වලින් 30% ක් පමණ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව හදුනා ගන්නා ලදි. ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමමහතා නිළධාරීන් හට උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ, මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ හඳුනාගෙන ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ක්‍රීඩා සඳහා උපයෝගී කරගන්නා මෙරටදී නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා උපකරණ වර්ග (Category) 18 ක් හඳුනාගන්නා ලදි.

01. Children Playground Equipment
02. Children Sports and Recreaticnal
03. Equipment Track & Field Equipment
04. All Team Game Equipment
05. Gymnastic Equipment
06. Body Building and Weight Training Apparatus
07. Multi Station Exercise Machines
08. Sports Mattresses
09. Sports Festival Equipment
10. Stadium Chairs
11. Sportsman Practice Equipment
12. Waste Management Equipment
13. Steel Furniture
14. Fiber Glass Furniture
15. Medical Equipment
16. Cricket Coir Matting
17. Soft Ball Cricket Bats, Stumps
18. Sportswear

අනෙකුත් බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ කාර්මික ශිල්පීන් ඉතා දක්ෂ හා ඉහළ සාක්ෂරතා අනුපාතයකින් සුදුසුකම් ලබා ඇත. එබැවින් ක්‍රීඩා භාණ්ඩ සදහා ආනයන සීමා සහිත පරිසරයක් තුළ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායට අසමසම ගුණාත්මක නිෂ්පාදන පහසුවෙන් කළ හැකි අතර,, විශාල ශ්‍රම බලකායක් එමගින් රට තුළ බිහිකිරීම ද සිදුවේ.

දැනට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින හා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමට කැමති දේශීය ව්‍යවසායකයින් සදහා ඔවුන් මූහුණපාන ගැටළු හඳුනාගෙන ඒවා සදහා රජයේ මැදිහත්වීමෙන් අවශ්‍ය නිරාකරණ කටයුතු සිදු කිරීමටත් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙරට නිෂ්පාදිත ක්‍රීඩා භාණ්ඩ සදහා ජාතික හා ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් අනුව තත්ත්ව සහතික ලබා දීමේ ක්‍රමවේදයක්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංගම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය වැනි රජයේ ආයතන සදහා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී දේශීයව නිෂ්පාදනය කරන ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වැඩි අවස්ථාවක් ලබා දීමට නෛතික රාමුවක් ඇති කිරීම, නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී බදු සහන ලබාදීම වැනි කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙරට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය දිරිගැන්වීම සදහා අවශ්‍ය යෝජනා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස එහිදී අමාත්‍යවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය