Friday, 29 March 2024

විගමණික ශ්‍රමික ප්‍රජාවගේ සංගණනයක් ආරම්භ කරයි

Posted On Thursday, 02 July 2020 10:14

විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කොට තිබේ.

 

මෙමගින් විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු වෙනුවෙන් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම අරමුණ වේ.

තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk අන්තර්ජාල වෙබ් අඩවියේ Census of Sri Lankan Migrant Workers නමින් වෙබ් ද්වාරයේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් ( online ) පුරවා යොමු කරන ලෙස විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා අතර, තොරතුරු වල රහස්‍යභාවය සුරකින බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන්න. 011-2866002