Thursday, 18 April 2024

පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගය සංවර්ධනය සදහා තාවකාලිකව වැසේ

Posted On Monday, 22 February 2021 09:36

ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එළඹෙන 26 වනදා සිට 28 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

 

ඒ අනුව එළඹෙන 26 වනදා පෙරවරු 8.00 සිට 28 වනදා පස්වරු 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත.

එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර බව වැඩිදුරටත් සදහන් කරයි.