Tuesday, 16 April 2024

මැතිවරණයට ආරක්ෂක අංශ සූදානමින්

Posted On Friday, 09 February 2018 05:27

ඡන්දය විමසීම් දිනයේදී ඡන්ද ගණන්කිරීමේදී හා ඡන්දය විමසීම් දිනයට පසුව ද ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථාවෝචිතව ත්‍රිවිධ හමුදාව ද ක්‍රියා කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.


එබැවින් නොබියව ඔබේ අයිතිය ඔබේ බලය භාවිතා කිරීම සඳහා නියමිත වේලාව ඉක්මවීමට පෙර ඡන්ද මධ්‍යස්ථානය යන ලෙස සියලු ඡන්ද දායකයින්ගේ සභාපතිවරයා ඉල්ලා සිටි.

ඔබේ ඡන්දය දිය යුත්තේ ඔබගේ අදහස්වලට එකඟව මිස යම් අයෙකු විසින් ලබාදෙන මුදල හෝ ද්‍ර‍ව්‍ය පරිත්‍යාග මත නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කරනුලබන අතර ඔබේ ඡන්දය ඔබ කැමැති අයුරින් ඔබ කැමති පක්ෂයට/ ඔබ කැමැති කණ්ඩායමට දෙන්න. ඒ සඳහා එකම එක කතියක් පමණක් භාවිතා කරන ලෙස ද සභාපතිවරයා වැඩිදුරටත් සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටි.