Saturday, 20 April 2024
Editor

Editor

විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන හෙයින් මේ දිනවල පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී තිබේ.

ආර්ථිකය බිඳ වැටීමෙන් පිඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි සංවර්ධන බැංකු හා ණය රාජ්‍ය ඇමති,ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අරාබියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ට සුපරික්ෂාකරි වන ලෙස සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිවේදනය කර තිබේ.

එම නිවේදනය මෙසේ ය.

saudi

 

පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.

රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද,

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.

2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සිදු වූ වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් ස්වෛරී දේශසීමා සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සෝදිසි මෙහෙයුම් වඩාත් ශක්තිමත් කර ඇතැයි නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චල් රාජපක්ෂ මහතා පවසයි.

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා (අද ) ආරම්භ වේ.

නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 නව වසර උදාව සමරමින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.