Thursday, 28 March 2024
Editor

Editor

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදී පැවැත්වේ.

එළඹෙන ජනාධිපතිවරණය රාජකාරි වල නිරත වන සියලුම පොලිස් නිළධාරීන් සඳහා අවශ්‍ය වන මනව සහ භෞතික සම්පත් සියල්ල වෙන් කර ඇති බවත්, අවශ්‍ය සැම නෛතික සහ ප්‍රයෝගික උපදෙසක් ම ඒ ඒ පොලිස් ස්ථාන වලට ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (11) පොලිස් මුලස්ථානයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පවසන ලදී.

ඒ අනුව, පොලිස් මූලස්ථානය විසින් පොලිස් නිළධාරීන් සඳහා විශේෂයෙන් අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු පොතක් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කොට ඇත. භාෂා තුනෙන්ම සමන්විත මෙම උපදෙස් මාලාව අඩංගු පොත සැම පොලිස් කොට්ඨාසයකටම ලබා දී ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.

එමෙන්ම, ජනාධිපතිවරණය සඳහා පොලිස් කොට්ඨාස වෙත විශේෂ රාජකාරි සඳහා යෙදීමට නියමිත සියළුම පොලිස් නිළධාරීන් එළෙඹෙන 14 වන දා උදැසන 10.00 වන විට ඒ ඒ පොලිස් කොට්ඨාස වෙත තමන්ට නියමිත
රාජකාරිවලට වාර්තා කළ යුතු බවත් මෙහි දී සඳහන් කළේ ය.

ඉන් අනතුරුව එම පොලිස් නිළධාරීන්ව නියමිත පොලිස් ස්ථාන වලට බෙදා වෙන් කරන අතර 14 වන දින දහවල වන විට එම නිළධාරීන්ව අදාළ පොලිස් ස්ථාන වෙත රැගෙන යාම සිදු කරනු ලබයි. ඉන් පසු එදිනම සවස එම පොලිස් ස්ථානයේ දී ම එම නිළධාරීන්ට උපදෙස් පන්තියක් පැවැත්වේ. එහි දී තමන් අනියුක්ත කර තිබෙන රාජකාරිය නිළධාරීන්ට දැනුම් දෙනු ලැබේ.

සැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපති වරයෙක් සිටින බවත්, ඊට අමතරව සැම පොලිස් ස්ථානයක්ම ඒ ඒ ශ්‍රේණිවල වර්ගීකරණයට අනුව ජනාධිපතිවරණයට අදාළව අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී වරයෙක් හෝ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයෙක් යොදවා ඇතැයි ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
එමෙන්ම, 15 වන දින උදැසන 06.00 වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සැම ජංගම සංචාරයක් ම ආරම්භ වන බවත් මෙහි දී සඳහන් කෙරිණි. එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවෙන නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු 15 වන දා උදැසන ඡන්දපොළට රැගෙන යාමටත්, අනිත් නිළධාරියා ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ආරක්ෂාව සැපයීමටත් රැගෙන යනු ඇත.


ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60,175 ක් සහ සිවිල් නිළධාරීන් 8,080 ක් දිවයින පුරා රාජකාරියේ

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි

සක්‍රීයව පවතින අන්තර් මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ඩෙංගු මදුරු හා කීට මර්ධන වැඩසටහන අදින් (06) අවසන් කෙරේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් රටවල් 5 කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු නොවැම්බර් 12 සහ 13 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව එම කොමිෂන් සභාවේ උසස් නිළධාරියෙක් මෙසේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

ඉදිරි දිනයන් හි දිර්ඝ නිවාඩු සති අන්තයේ මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ධාවනයක් සිදු කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

වෙළඳපොළේ මේ දිනවල පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (4) දිනයේ ද සිදු කෙරේ.