Friday, 29 March 2024
Editor

Editor

ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද  එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව කීය.

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.

ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා විදේශිය නිරික්ෂකයින් 100කට වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ජාතික මැතිවරණ කොම්සන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් විසින් සිය ප්‍රතිපත්ති විස්තර කරමින් සිදු කෙරෙන කතා හෙට (15) සිට ප්‍රචාරය කිරීමට ජාතික රුපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණ ඡන්දයට පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල මඟින් ඔක්තෝබර් 18 දා සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.

ජනාධිපතිවරණ කාල සිමාවේ දී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතා වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිරික්ෂණය කිරිමට අවශ්‍ය තොරතුරු හා පැමිණිලි රැස් කර ගැනිමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන සංගමය විසින් විද්‍යුත් තැපැලක් හඳුන්වා දී ඇතැයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිට මහතා රජයේ නිල වෙඩ් අඩවිය පැවසිය.

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරගනු ලැබූ ඔක්තෝබර් 7 වැනිදා සිට ගතවූ පැය 48 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 153 ක් සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 03 ක් පිළිබදව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) සිදු කෙරේ.

2019 අ.පො.ස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.