Thursday, 28 March 2024

ඉන්දියාව සහ චීනය අතර නැවතත් උණුසුම් තත්වයක්

Posted On Wednesday, 09 September 2020 07:06

 

ඉන්දියාව සහ චීනය වෙන්වන හිමාලය කදුවැටියට අයත්  පැන්ගොන් දේශසීමාව අසල දෙරටේ බටපිරිස් අතර ගැටුමක් ඇති වී පසුව එය වෙඩි හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම දශක හතරකට පසු චීනය හා ඉන්දියාව අතර වෙඩි හුවමාරුවක් සිදු වූ පළමු අවස්ථාව ලෙස සටහන් වෙයි. මීට පෙර මෙවැනි ගැටුමක් ඇති වූ අතර එය ගුටිබැට හුවමාරුවකින් අවසන් වූ නමුත් මෙවර එය එරටේ දේශපාලනය උණුසුම් කිරීමටද හේතු වී ඇත.

 


sannasa.pngමෙම සිදුවීම ගැන දෙරටම එකිනෙකාට චෝදනාකරගනිමින් සිටින පසුබිමක සදුදා දින ( 07-08-2020) චීන හමුදාවේ විශේෂ ප්‍රකාශකයෙක්  පවසන්නේ ඉන්දියානු හමුදාව චීන දේශසීමාව තරණය කර තම රට තුලට අනවසරයෙන් ඇතුල් වූ බවයි. කිලෝමීටර් 3,379 දිග හිමාලය කදුවැටියේ බටහිර කොටසේ තම හමුදා නිරන්තර සෝදිසියෙන්  පසුවන බවත් එහි ඇති උපායමාර්ගික වැවක් අසල මෙම ගැටුම ඇතිවූ බවත් පළමුව තමන්ට වෙඩි තැබුවේ ඉන්දීය හමුදා බවත් චීන හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

sannasa_02_09-09-2020.jpg
අදාළ සිද්ධියේදී   ඉන්දීය හමුදා සමග සාකජ්චාවට පැමිණි තම නිලධාරීන්ට   ප්‍රකෝපකාරී ඉන්දීය සෙබළුන් වෙඩි තැබූ බවත් චීන හමුදා ප්‍රකාශක කර්නල් ෂැං ෂුයිලි පැවසීය.

අගහරුවාදා ඉන්දීය හමුදාව විසින් චීනය එල්ල කළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර චීනය දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම සඳහා මෙය විකුර්ති කර ඇති බව පවසයි. අදාළ අවස්තාවේදී තම හමුදා ඉතා ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව හැසිරී ඇති බවත් නිර්දය ලෙස ඉන්දු චීන ගිවිසුම උල්ලංඝනය කලේ චීනය බවත් ඉන්දීය හමුදා ප්‍රකාශකයා පැවසීය.

RJ

Read 761 times