Thursday, 25 April 2024

සාධාරණ අවස්ථා ඇති ජන සමාජයක්

Posted On Wednesday, 09 March 2022 11:08

2022/03/09 22 01 26 154142

අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ. පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක‍්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක‍්‍රම අනුගමනය ඉතාම වැදගත්ය.

ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර තිබේ. විදේශ ගමන් බිමන් සීමා කර ඇති බව පෙනේ. විශ්ව විද්‍යාලයකට ඇතුළුවන අවස්ථාව අහිමි වූ දරු දැරියන්ට විදේශ රටකට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණි. ඇතැම් අංශ යෝජනා කරන පරිදි පිටරට අධ්‍යාපනය තහනම් කළ යුතුය. ඇපල්, මිදි වැනි දේ ආනයනය කිරීම ද නතර කළ යුතු බව කියැවේ. සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර ඒවා රට තුළ නිපදවීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශවන තවත් කරුණකි.

පාලනය නරක නැත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රම අනුව නීතිය හැදෙන්නේ අසරණ පිරිස පැත්තකට තල්ලූකරම්න් බව ස`දහන් කළ යුතුව ඇත. බලය සහ ධනය ඇති ජන කොටසට කිසිම පාලනයක් බලපාන්නේ නැත.

චන්ද්‍රබාබු නයිදු මහතා මහ ඇමැති වශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශය පාලනය කරන කාලයේ එක්තරා ඇමැතිවරයෙකු ප‍්‍රාන්ත ආණ්ඩුවට මේ හා සමාන යෝජනාවක් ගෙන එන ලදී. ප‍්‍රාන්තයේ සිසුන් ඉගෙනගැනීම සදහා විදේශගතවීම තහනම් කළ යුතු බව එහි දී අවධාරණය කෙරිණ. ‘‘දැනටමත් ඔබගේ දරුවන් පිටරටවල ඉගෙනගන්නේ දැයි’’ ප‍්‍රශ්න කළ මහ ඇමැතිවරයා ‘‘එසේ කරගෙන යන අයට අත් ඔසවන්නැයි’’ එවකට පලාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දෙනෙකුගේ අත් එසැවිණ. ‘‘පළමුවෙන් ඔබගේ දරුවන් ආපසු කැ`දවන්න. ඔබ සියළු දෙනා එයට එක`ගනම් පමණක් විදේශ අධ්‍යාපනය තහනම් කළ හැකි’’ බව එහි දී කියා සිටියේය.

පාලකයන්ට අනුගමනය කළ නොහැකි තීරණ ජනතාවට පමණක් පැනැවීම සුදුසු නැත. සමාජයට ආදර්ශයක් දිය යුතු පාලකයන්ය. ඉහළ පැලැන්තිය තමන්ගේ කැපවීම පෙන්විය යුතුය. ඔවුන් ආරක්ෂාවන අතරවාරයේ මධ්‍යම පැලැන්තියට සහ ඉහළට නගින නොතිත් ආශාවකිස් පසුවන පහල තලයට බාධා පැනවීම සුදුසු නැත.

ආර්ථික ක‍්‍රමයක උස් පහත්වීම් සිදුෙවි. ප‍්‍රශ්න පැන නැගේ. සම්පත් සීමා සහිත වන අවස්ථා ඇතිවේ. සංකීර්ණ ගැටළු බව පිලිගත යුතුය. ගැටළු නිරාකරණයට ගත හැකි හො`දම පියවර තෝරාගත යුතුය. එම පියවර සමාජයේ හරස්කඩක් නියෝජනය කළ හැකි ගෞරවාන්විත එකක් බවට හැරවීම පාලකයන්ගේ වගකීමකි. නැති බැරි ජන කොටස් වි`දින පීඩනය නොතකා තීරණගැනීම වරදකි. පංති පරතරය වැඩිකරන, සාධාරණ අවස්ථා අහිමිකරන තීරණ ඉදිරියේ හටගත්තත්ත්ව අමතක කළ යුතු නැත. පසුගිය දශක කිහිපය තුළ පැවැති ගැටුම්, අරගල, ත‍්‍රස්තවාදී ක‍්‍රියා අපට උගන්වන ලද පාඩමක් තිබේ. ඒවායේ අමිහිරි අත්දැකීම් අමතක කළ යුතු නැත.

රටට අවශ්‍ය අලූත් නැගිටීමක් වන අතර සමාජය එකතු කරගෙන ගමන ඉක්මන් කිරීමට ගැලපෙන තීරණ අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන්නට පියවර ගත යුතුය. ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කිරීම නරක නැත. එම තීරණ වලින් උද්දාමයක්, පිබිදීමක් අපේක්ෂා කළ යුතු අතර සමාජ වෛරය ඇවිලවිය යුතු නැත. මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන වරප‍්‍රසාද ගැන සමාජය තුළ කනස්සල්ලක් තිබේ. දේශපාලන ක‍්‍රමය ගැන පිලිකුලක් ඇත. මහජන නියෝජිතයන් කරන කියන හා හැසිරෙන ආකාරය ගැන ප‍්‍රසන්න හැ`ගීමක් නැත. රටට අවශ්‍ය කරන්නේ එකමුතුවකි. පවතින අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒවා පවත්වාගෙන යන්නට සුදුසු තරමට ගැලපෙන ක‍්‍රමවේදයකි.

Read 565 times