දසත
Monday, 26 December 2016 09:10
පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි!
ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53කි.
එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණි.
ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමිනි.
Published in
දසත විත්ති
Monday, 26 December 2016 05:33
චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.7ක්.
භූ කම්පනයෙන් පසු අනතුරු ඇගවිම් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Published in
දසත විත්ති
Friday, 23 December 2016 07:52
ලොව පළමු සෝලා පාර ප්‍රංශයෙන්
සූර්යකෝෂ වලින් සැදුම්ලත් ලොව පළමු මාර්ගය විවෘත කර තිබේ.
මෙම මාර්ගය විවෘත කර ඇත්තේ ප්‍රංශයේ නෝමැන්ඩි නම් කුඩා නගරයේය.
කිලෝමීටරයක් ඔස්සේ දිවෙන මෙම මාර්ගය සෑදීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුනේ ප්‍රංශයේ පරිසර අමාත්‍යංශයයි.
Published in
දසත විත්ති
Page 9 of 9