Editor

Editor

 

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ, ප‍්‍රතිකාර ලැබූ අවසන් නිලධාරීන් තිදෙනාද සුවය ලැබීමත් සමගයි. ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වූ කොරෝනා පොකුර අවසන් වුණා.

එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි. නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් වුණා.

ජා-ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට දැරූ උත්සාහයේදී ඔවුන්ගෙන් නාවික හමුදා සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවටයි ප‍්‍රකාශ කෙරුණේ.  

වැලිසර නාවික හමුදා කදවුරෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග කදවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණුනා.

ඒ වනවිට නිවාඩු ලබා ගොස් සිටි සියළු හමුදා සාමාජිකයින් යළි කදවුරු තුළට කැදවීමටයි පියවර ගැණුනේ. පසුව තත්ත්වය පාලනයවීමත් සමග වැලිසර නාවික හමුදා කදවුරේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත ආරක්ෂිත බැවින් යුක්ත බවත් එමගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට පෙනි යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත මඟින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකිවන බවයි.

මෙම සොයාගැනීම් අතිශයින්ම යහපත් බවත් මෙම එන්නත මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට තරම් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී.

මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත් සමග බ්‍රිතාන්‍ය විසින් දැනටමත් එන්නත් මිලියන 100 ක් ඇණවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ChAdOx1 nCoV-19 නමින් හැඳින්වෙන මෙම එන්නත පෙර නොවූ විරූ වේගයකින් සංවර්ධනය කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

විවිධ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙවර උසස්පෙළ විභාගය දෙස දරුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

 

අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත‍්‍රානන්ද පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන බවයි.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වනවා. 

මීට පෙර පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටයි. ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුව සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද එක් වුණා. 

අද (20) පෙරවරු 8.30 සිට 11.30 දක්වා වූ පැය 03 ක කාලය තුලදී වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එය මිලීමිටර් 109 ක අගයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිට අමතරව ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 82ක්, මැනික්කන්ද මිලිමීටර් 78.5ක් සහ යක්කලමුල්ල මිලිමීටර් 74.5 ක් ලෙස වර්ෂා පතනයක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුල තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 වැඩි තද වර්ශාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර සිටින්නේ 

මීට අමතරව කොළඹ , කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයාමේ අවදානම් නිකුත් කර ඇත.

ජනතා අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය …
රජයේ වැඩපොළ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බල ගැන්වීමට පියවර …
තැබූ විශ්වාසය තහවුරු කරන බවට ඉංජිනේරුවරුන්ගෙන් සහතිකයක් …

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේ්ක්ෂකයින්, මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සහ පති‍්‍රකා සඳහා තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන් පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් පෙන්වාදෙන්නේ ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිය අවසරය හෝ කැමැත්තකින් තොරව බවයි. තමන් හෝ අගරදගුරු පදවිය කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ. 

සිය හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද කොළඹ අගරදගුරුවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.