
Editor
ජනවාරි 01 සිට සියලු බදු සහන ක්‍රියාත්මකයි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන
රජය විසින් මිට පෙර ලබා දෙන බව සඳහන් කළ සියලු බදු සහන හෙට එනම් ජනවාරි 01 දින සිට ලබා දෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (31) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දිය.
නව පාර්ලිමේන්තු සභා වාරය ජනාධිපති ප්‍රධානත්වයෙන් ජනවාරි 03 වැනිදා
අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනවාරි 03 වැනිදා පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට
2019 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2020 පළමු පාසල් වාරය ජනවාරි 02 ඇරඹේ
නත්තල් නිවාඩුව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවාවක්
පාසල් නිවාඩු හා එළඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගෙන ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් මස ( දෙසැම්බර් 24,27,29) යන තෙදින තුළ පැය 19.35 කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ධාවනය කිරීමට කටයුතු සළසා ඇත.
අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර
අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සහල් පාලන මිල යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.පී. විජේසිංහ මහතා පැවසීය.
ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි - නායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න
කලා ඔය ආශ්‍රිතව වෙසෙන ගම්මාන වල ජනතාව තාවකාලිකව ඉවත්වන්න - මාර්ග අවහිරත්වයන්හි දී විකල්ප මාර්ග භාවිත කරන්න - නායයෑම් නිවේදන පිලිබඳ සැලකිලිමත් වන්න
නත්තල් දා සුරාසල් වැසේ
දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන්න
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
සහල් හා ගැසට් කරන ලද අත්‍යාවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල පිළිබද ජනපතිගේ දැඩි අවධානය
උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙයි.