Friday, 29 March 2024

අපි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරමු

Posted On Friday, 07 September 2018 05:49

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ පවතින වියළි කාලගුණය නිසා මේ දිනවල ජල පරිභෝජනය වැඩිවී ඇති හෙයින් ඇතැම් ප‍්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමද දුෂ්කර වී ඇති බවයි.

වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද පළාතේ ජල සැපයුම සීමා සහිතව සිදුවන බවත් උතුරුමැද මෙන්ම උතුර සහ නැගෙනහිර යන පළාත්වලද වැසියන් ජලය හිගකමකට මුහුණදී සිටින බවත් වාර්තා වේ.  මේ හේතුවෙන් සාමාන්‍යයෙන් ළිං හෝ වෙනත් ස්වභාවික මූලාශ‍්‍රවලින් ජලය ලබාගන්නා පිරිස් වෙනුවෙන් බවුසර් මගින් ජලය සැපයීමටද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ දිනවල කටයුතු කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම රටට යහපතක් වනවා සේම ඔබේ බිල්පතද අඩුකර ගත හැකියි.