Friday, 19 April 2024

බෞද්ධ සාහිත්‍ය උළෙල අද කොළඹ දී

Posted On Friday, 14 September 2018 05:40

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක

ස්වාමින්වහන්සේගේ මූලාසනයෙන්,බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

මෙම උලෙළ දි සංස්කෘතික අංග මෙන්ම 2017 වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ,පද්‍ය,සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයිම සදහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමිමක් සිදු කෙරේ.

බෞද්ධ ශාස්ත්‍රීය,පර්යේෂණ ,පරිවර්තන,සංස්කරණ,දේශන,වැනි කේෂ්ත්‍රයන් වෙත කරන ලද අද්විතීය සේවය අගයමින් ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන්ට මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලබන අතර සිය දිවිම මඟෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරිමෙන් සිදු කරන ලද අනභිභවනීය මෙහෙවර අගය කරමින් සුනිල් වීරකුමාර මහතාට සොයිලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලබන බව බෞද්ධ සාහිත්‍ය කෘති නිරික්ෂණ කමිටුවේ ප්‍රධානි ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා පැවසිය.

මෙයට අමතරව සිංහල ප්‍රකාශන 14ක් හා එක ඉංග්‍රීසි ප්‍රකාශනයක් සදහා සම්මාන පිරි නැමීමට නියමිතය.