Friday, 29 March 2024

අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්

Posted On Tuesday, 27 November 2018 04:45

2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මීට අමතරව, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, පෝස්ටර්,බැනර් ,අත්පත්‍රිකා,විද්‍යුත් හෝ මුද්‍රිත මධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වෙයි.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසළකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තාට හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවන් වන බව විභාග කොමසාරි ජනරාල් බී. සනත් පූජිත මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි.

කිසියම් ආකාරයකින් මෙම නියෝග කඩ කරන සිදුවීමක් වුවහොත් ළඟම පවතින පොලිස් ස්ථානය,පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් අංකවලට පැමිණිලි කළ හැකිය.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය- 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/ 01127784537/  0113188350/  0113140314

පොලිස් මූලස්ථානය- 0112421111

පොලිස් හදිසි ඇමතුම් අංකය- 119