Thursday, 28 March 2024

ජාතික අත් පිටපත් තරඟය 2019 අයදුම්පත් කැඳවයි

Posted On Wednesday, 19 December 2018 07:50

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 2019 වර්ෂයේ ජාතික අත්පිටපත් තරඟය සදහා අයදුම්පත් කැදවනු ලබයි.


සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා සහ සාහිත්‍ය, ඉතිහාසය, සංස්කෘතිය, පුරා විද්‍යාව, කලාව, සෞන්දර්ය, ජනශ්‍රැති යන විෂයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්‍රන්ථ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත්කර එම නිර්මාණ ක්‍ෂේත්‍රවල නිරතව සිටින නව ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම ජාතික අත් පිටපත් තරඟය සංවිධානය කරයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ට මෙම අත් පිටපත් තරගය සදහා ඉදිරිපත් විය නොහැකි අතර මෙම තරගය ආධුනික ලේඛක ලේඛිකාවන් සදහා පමණක් විවෘත බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.

අයදුම්කරු විසින් සකස් කර ගන්නා අයදුම්පත් 2019 මැයි 31 දිනට පෙර සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතින කටයුතු දෙපාර්තමේන්තුව (ප්‍රකාශන අංශය), 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතු වේ.