Friday, 29 March 2024

උතුරේ ජනතාවට අඛණ්ඩව සහන සලසන්න- අගමැති කියයි

Posted On Thursday, 27 December 2018 05:46

උතුරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනම් සහන අඛණ්ඩව සපයන ලෙසත් ඔවුනට වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.


කිලිනොච්චි ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව තිබෙන ගංවතුර ආපදා තත්වය නිරීක්ෂණය සදහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය 24 වන දා විපතට ගොදුරු වූ ප්‍රදේශයන්හි සංචාරය කළේය.

අමාත්‍යවරය විසින් ඒ පිළිබද විශේෂ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. විපතට පත් ජනතාව වෙත මේ අවස්ථාවේ සිය ශක්ති ප්‍ර‍මාණයෙන් ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍යවරයා පුද්ගලික අංශය වෙතින් ද ඉල්ලා සිටි.

හෙට (28) දින අග්‍රාමාත්‍යවරයා උතුරේ විපතට පත් ප්‍රදේශ පිළිබඳව සොයා බැලීමට කිළිනොච්චිය ප්‍රදේශයේ සංචාරය කිරීමට ද නියමිතය.