Saturday, 27 April 2024

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අදයි

Posted On Friday, 11 October 2019 05:12

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) සිදු කෙරේ.



ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්වෙන අතර ඒ සෑම මධ්‍යස්ථානයකටම ඡන්ද නිළධාරීන් 05 ත් 06 ත් අතර සංඛ්‍යාවක් ද ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 04 දෙනා බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ චන්ද්‍රලාල් මහතා කීය.

ඡන්ද කොට්ටඨාශ 17 හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ගණනය කිරීම සිදු කෙරේ.රාත්‍රී 7.00 පමණ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම ඇල්පිටිය වෘත්තීය පුහුණු ආයතන ගොඩනැගිල්ලේ සිදු කරන බවත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසීය.