Friday, 29 March 2024

කෘත්‍රිම සිංචන ශිල්පීන් 200 ක් පුහුණු කිරීම හා වාණිජ තෘණ නිෂ්පාදන ව්‍යවසායකයි 90 ක් නිර්මාණය කිරීමට පියවර...

Posted On Friday, 05 March 2021 16:24

කෘත්‍රිම සිංචන ශිල්පීන් 200 ක් පුහුණු කිරීම හා වාණිජ තෘණ නිෂ්පාදන ව්‍යවසායකයි 90 ක් නිර්මාණය කිරීමට පියවර...

 

දේශීය දියර කිරි නිෂ්පාදනය,කිරි කර්මාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය පරිස දියර රය නිර්මාණය කිරීමටත්, කිරි ගොවියා, කිරි ව්‍යවසායකය බවට පත් කිරීමටත් අවශ්‍ය තාක්ෂණික දැනුම හා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ කෘතීම සිංචන ශිල්පීන් 200 ක් පුහුණු කිරීම හා වාණිජ මට්ටමින් තෘණ නිෂ්පාදන ව්‍යවසායකයින් 90 ක් නිර්මාණය කිරීමේ සමාරම්භක උළෙල පශු සම්පත් කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය D.B. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී ආරම්භ විය.

පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මිල්කෝ ආයතනයේ හා කුඩා පරිමාණය කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හා සණස සංවර්ධන බැංකුව ද වැඩසටහන සදහා සම දායකත්වයක් ලබා දෙයි.

කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ දී නියමිත කාලයට දෙනුන් ගැබ් ගැනීම අතිශය අත්‍යවශය සාධකයකි. එහි දී සිදු වන ප්‍රමාද වීම් නිසා අඛණ්ඩ කිරි අස්වැන්නක් වෙළද පොලට නො ලැබී යෑම මේ වන විට කිරි කර්මාන්තයේ පවතින ප්‍රබල ගැටලුවකි.

අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන සැසි වලදී මෙම ගැටලුවට පිළියමක් ලෙස කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිටින තරුණ ප්‍රජාව පුහුණු කිරීම යෝග්‍ය බව තීරණය කෙරිණි. ඒ යටතේ වැඩසටහන ආරම්භ කෙරුණු අතර කෘතීම සිංචන ශිල්පින් 200ක් පුහුණු කිරීම ආරම්භ කෙරිණි. මුලික හඳුන්වා දීමේ වැඩසටහනින් පසු ඔවුන් පොළොන්නරුවේ කෘතීම සිංචන පුහුණු මධ්‍යස්ථානයේ මාස දෙකක න්‍යායාත්මක පුහුණුවක් ලබා දෙනු ඇත. ඉන් අනතුරුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ වල මාසයක ප්‍රයෝගික පුහුණුවක් ද ලබා දෙනු ඇත. මෙසේ පුහුණුව ලබා කෘතීම සිංචන ශිල්පින් මිල්කෝ ආයතනයේ කලාප කාර්යාල 10 ට අනුයුක්ත කිරීමට නියමිතය. එම කාර්යාල හරහා දිවයින පුරා විසිරි සිටින කිරි ගොවීන්ට කෘතීම සිංචන ශිල්පීන්ගේ සේවාව ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙහිදී අදහස් දැක්වූ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය D.B. හේරත් මහතා කියා සිටියේ කෘතීම සිංචන සේවා වන් ලබාගැනීමේදී කිරි ගොවි මහතුන් පත් වන අපහසුතාව කඩිනමින් නිමා කරන බවයි. අවශ්‍ය තාක්ෂණය හා දැනුම කිසිදු අඩුවකින් තොර ව ලබා දෙන බවද දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීමේ ජාතික කර්තව්‍යයට තරුණ ප්‍රජාව සාදරයෙන් පිළිගන්න බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. මෙය වෘත්තිකයින් පමණක් නොව තමාගේ ගම තුළ සිටින කිරි ගොවීන්ට සිදු කරන සේවාවක් ලෙස ද සිතා කටයුතු කිරීම යෝග්‍ය අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම ටික කලකින් තමාගේ කුසලතාව මත මෙම ශිල්පින් තම ගමේ නැතුවම බැරි චරිතයක් බවට පත් වන බව පැවසූ අමාත්‍යවරයා වසර ගණනාවක් සේවා පළපුරුද්ද එකතු කර ගැනීමෙන් අනතුරුව මෙම ශිල්පීන්ට විදේශ රටවල සේවය මගින් රුපියල් ලක්ෂ 4-5 ක වැටුප් තල උරුම කර ගත හැකි බවද කීවේය.

වාණිජ මට්ටමේ තෘණ නිෂ්පාදන ව්‍යවසායකයින් 90 දෙනෙක් පුහුණු කිරීමද වැඩසටහන යටතේ සිදු කෙරීමට අපේක්ෂිතය. මේ යටතේ තෘණ වගා කිරීම බිම් සැකසීම, වැඩි බර හා ඵලදාවක් සහිත තෘණ වර්ග ලබාගැනීම, ඒවා කැපීමේ තාක්ෂණය, සයිලේජ සැකසීම හා නිසි පරිදි ඇසුරුම් කිරීම ආදිය පිළිබදව වෘත්තිමය මට්ටමේ පුහුණුවක් ලබාදෙනු ලැබේ.

ඔවුන්ට සිය නිෂ්පාදන ඉටු කර ගැනීමට මෙන්ම, අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ණය පහසුකම් ලබා දීමට සණස සංවර්ධන බැංකුව ඉදිරිපත් ව සිටී. මෙම තෘණ නිෂ්පාදන ව්‍යාපෘතියේ සෘජු ව්‍යවසායකයින් 90 දෙනෙක් පුහුණු කලද ඒ යටතේ තෘණ කැපීම හා ඒවා සැකසීම් සේවකයින් ලෙස වක්‍ර රැකියාලාභීන් විශාල සංඛ්‍යාවක් බිහි වන බවයි මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ.

දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙසත්, රාජ්‍ය ආයතනයක් ලෙසත් කිරි ගොවියාට පහසුකම් සැලසීම සදහා මිල්කෝ ආයතනය සැම විටම පෙරමුණ ගන්නා බව වික්‍රමතුංග මහතා කියා සිටි අතර පුහුණුව ලබන කෘතීම සිංචන ශිල්පීන් අතරින් ඔබේ කැපවීම මත දක්ෂ ම සිංචන ශිල්පින් බවට පත්වීමට වෙර දරන ලෙස පැවසුවේය. දෙනුන් අභිජනනය කිරීමේ ගැටලුව අවම කිරීමටත් කිරි දෙනුන් සදහා අවශ්‍ය තෘණ හිඟයකින් තොර ව ලබා ගැනීමටත් හැකි වන පරිදි ඉදිරියේ දී කටයුතු කිරීම අපේක්‍ෂා කරන බව ලසන්ත වික්‍රමතුංග මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාව සදහා මිල්කෝ සභාපති ලසන්ත ව්ක්රමතුංග , පශු වෛද්‍ය රන්ජනී හෙට්ටිආරච්චි, පශු වෛද්‍ය P.G.S. පෙරේරා හා සැප් ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වූහ.