Thursday, 28 March 2024

දිවයිනේ පවතින සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක්ම අනාගතයට ගැළපෙන පරිදි නවීකරණයට සැළසුම්

Posted On Wednesday, 10 March 2021 05:20

දිවයිනේ පවතින සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක්ම අනාගතයට ගැළපෙන පරිදි නවීකරණයට සැළසුම්

 

තාක්ෂණික මෙවලම් භාවිතය මගින් ගමේ ගොවියාට තම වගාවන් පිළිබදව ස්වයං දැනුමක් ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීම ගොවිජන මධ්‍යස්ථාන හරහා ඉ‍ටුකරදීමට අවශ්‍ය වැඩපිළිවෙල නව රජය මගින් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එයට ආරම්භයක් ලෙස පළමුව සමස්ථ රටෙහිම පවතින ගොවිජන සේවා මධ්‍යස්ථානයක්ම අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය කරන බවත්, වයඹ පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන සංවර්ධනයට පමණක් රු.මිලියන 800 ක් වෙන් කර ඇති බවත් පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ මග පෙන්වීම මත, මේ යටතේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් සදහාම අවශ්‍යතාවය අනුව නව ගොඩනැගිලි ඉදිකිරීමත්, කාර්යාල උපකරණ ලබාදීම මෙන්ම සෑම මධ්‍යස්ථානයක්ම පරිගණකගත කිරීමටත්, ට්‍රැක්ටර්, ගොයම් කැපීමේ යන්ත්‍ර ජේ සී. බී. යන්ත්‍ර, පස පරීක්ෂා කිරීමේ උපකරණ ඇතුළු කෘෂි යන්ත්‍රෝපකරණ ඒකකයක් සෑම මධ්‍යස්ථානයක් සදහාම ලබාදීමට පියවර ගන්නා බවත් එමගින් අවශ්‍යතාවය පරිදි පහසු මිළට ගොවීන් හට තම සේවා සපයා ගැනීම සදහා එම යන්ත්‍ර ලබා ගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම මධ්‍යස්ථාන නවීකරණයෙන් අනතුරුව ඒ, ඒ ප්‍රදේශ වලට ගැලපෙන බෝග වර්ග හදුනා ගැනීම,පසේ සාන්ද්‍රතාවය අනුව බෝග වර්ග සදහා ලබා දිය යුතු පොහොර වර්ග හා ප්‍රමාණයන් හදුනා ගැනීම" තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙන්ම, තම අස්වැන්න වෙළෙදපොල සදහා විකිණීමේදී වඩා වැඩි ලාභයක් ලබා ගැනීමේ ක්‍රමවෙද පිළිබදව ද මෙම මධ්‍යස්ථානවල ස්ථාපිත කිරීමට නියමිත තාක්ෂණික මෙවලම් මගින් ගමේ ගොවියාට ස්වයං අධ්‍යයනයක් කිරීමට හැකි බව ද එමගින් යහපත් ආර්ථිකයක් සහිත ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමට ඇති හැකියාව වඩා වැඩි බවද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව,අඹන්පොල, රඹෙ, තඹුත්ත, ඇහැ‍ටුවැව, මොරොගොල්ලාගම, මහනාන්නේරිය සහ රාජාංගන වම් ඉවුර ප්‍රදේශ වල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරතa මහතා මේ බව පැවසීය.මෙම මධ්‍යස්ථාන නවීකරණය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින දේශගුණික සුහුරු ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබන අතර